එළබෙන උත්සව සමය තුල වෙළදපොලට නිකුත්කිරීමට සුදනම්කරමින් තිබු නිෂ්පාදිත දිනය , කල් ඉකුත්වන දිනය ඇතුළු තොරතුරු වෙනස්කරන ලද ආනයනික කඩල , සහල් සහ කල් ඉකුත්වූ රට ඉදි ගබඩා කර තිබූ ගබඩා කිහිපයක් 2024.11.28 දින පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් වැටලීම් සිදුකර ඇත. රසායනාගාර වෙත බෙදාහැරීම සදහා සුදානම් කල කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍යය ලීටර් 50 ක්ද එම නිලධාරීන් විසින් කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ ගබඩා පරීක්ෂා කිරීමේදී සොයාගන්නා ලදී .
එමෙන්ම 2024.11.29 දින වත්තල ප්‍රදේශයේ ආනයනකරුවන් සහ තොග වෙළදුන් පවත්වාගන යනු ලබන ගබඩා පරීක්ෂාවේදී කල් ඉකුත් නොවූ වියලි මිරිස් සමග ගබඩාකර තිබු කල් ඉකුත් වූ වියලි මිරිස් ටොන් 4.6 ක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගන්නා ලදී . කල් ඉකුත් වූ භාණ්ඩ සමග කල් ඉකුත් නොවූ භාණ්ඩ ගබඩාකර තැබීම පාරිභෝගික කයුතු පිළිබද අධිකාරිය මගින් නිකුත්කරන ලද ගැසට් නිවේදනයකට අනුව වරදක් වන අතර එම වෙළදුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය.
කල් ඉකුත්වූ භාණ්ඩ , තොරතුරු වෙනස්කරන්න ලද භාණ්ඩ උත්සව කාලසීමාව තුල වෙළදපොලට එවීම සදහා කටයුතු කරන වෙළදුන් සහ ගබඩාකරුවන් සොයා තවදුරටත් වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක වන අතර සැපයුම්කරුවන් විසින් භාණ්ඩ ලබාදීමේදී එවැනි භාණ්ඩ පිලිබදව සැලකිරීමත් වන ලෙසත්, එවැනි තොරතුරු වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත ලබාදෙන ලෙසත් සිල්ලර වෙළදුන් සහ ගබඩා අශ්‍රිතව සේවය කරන සේවකයන්ගෙන්ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉල්ලා සිටී.