නීතිවිරෝධී ලෙස ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කළ ලාංකිකයින් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස රටේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ලැට්වියාවේ රාජ්‍ය දේශසීමා ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේශසීමා ආරක්ෂකයින් ශ්‍රී ලාංකික පුරවැසියෙකු විසින් පදවන ලද Peugeot 307 මෝටර් රථයක් පරීක්ෂා කර බැලීමේ දී වීසා බලපත්‍ර හෝ පදිංචි බලපත්‍ර නොමැති ආසියානු සම්භවයක් ඇති පුද්ගලයින් හය දෙනෙකු එහි සිට අත්අඩංගුවට ගත් බවයි.

එසේම Augšdaugava නගරසභාවේදී, නීතිවිරෝධී ලෙස දේශසීමාව තරණය කරන පුද්ගලයින්ට සහය දුන් බවට සැකපිට Volkswagen Polo රථයකින් ගමන් කරමින් සිටි තවත් ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකු දේශසීමා ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නීතිවිරෝධී ලෙස ලැට්වියාවේ පදිංචි වීමට දැනුවත්ව පුද්ගලයෙකුට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මෙම ශ්‍රී ලාංකික පුරවැසියන්ට එරෙහිව අපරාධ නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ දඬුවමට වසර දෙකත් අටත් අතර සිරදඬුවමක් ඇතුළත් විය හැකි බවද සඳහන්.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *