නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් තිබූ දුම්වැටි 40,000 ක් සමග සැකකරුවෙකු කොම්පඤ්ඤවීදිය, මෝගන් පාර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් තැනැත්තා කොළඹ 12 ප්රදේශයේ පදිංචිකරුවෙකි ඔහුගෙන් ප්රශ්න කිරීමේදී දෙහිවල ප්රදේශයේ තිබී තවත් දුම්වැටි 40000 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.
කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.