නීති විරෝධී ධීවරයින් 15ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ ධීවරයින් 15 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

තහනම් දැල් භාවිතයෙන් මොවුන් උතුරු මුහුදේ ධීවර කටයුතු සිදුකර තිබෙන බව නාවික හමුදාව පැවසුවා.

යාපනය නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න රැසක් නාවික හමුදා භාරයට ගත්තා.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

ඒ අනුව 13 වනදා උතුරු නාවික විධානයේ මාමුනෙයි නාවික අනුඛණ්ඩය මඟින් යාපනය, වතිරායන් සහ නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම සිදුකර තිබුණා.

මෙහිදී සැකකටයුතු ඩිංගි යාත්‍රා හතරක් (04) පරික්ෂාවට ලක් කොට තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු කළ පහළොස් දෙනෙකු සහ නීති විරෝධී ධීවර ආම්පන්නනාවික හමුදා භාරයට ගත්තා.

සැකකරුවන් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *