නීති විරෝධී ලෙස සතුන් ප්‍රවාහනය කළ ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 5 ක් අත්අඩංගුවට.

පක්ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සත්වයින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාවේ දුර්ලභ ගණයේ පිඹුරන් 13 ක්, ගිරවුන් 3 ක්, ඉබ්බෙක් සහ තලගොයෙක් සිටි බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා මීගමුව සහ කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන්. යාත්‍රාව සහ සැකකරුවන් ගාල්ල වරායට රැගෙන ඒමෙන් පසු කළ පරීක්ෂාවේදී හෙළි වී ඇත්තේ, එම සතුන් මෙරටට අවේණික නොවන සත්වයින් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *