නුගවෙල පාසල අසල සිදුවුණු අනතුරින් ළමයින් හයදෙනෙකුට තුවාල

අලදෙණිය නුගවෙල පාසල් හන්දියේ දී ලොරි රථයක ගැටී ළමයින් හයදෙනෙකු ඇතුළු 9 දෙනෙකු අනතුරකට ලක් වී තිබෙනවා.

අප කළ විමසීමක දී පොලිසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

අනතුරින් තුවාල ලැබු ළමුන් මේවන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සඳහන් වන්නේ.

තුවාල ලැබු දරුවන් වයස අවුරුදු 11- 12 අතර දරුවන් බවයි වාර්තා වන්නේ.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *