නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙකුට තුවාලයි

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්වට (Base Jump) සහභාගි වූ විදේශිකයෙකු ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා.

එහිදී මෙම ඉසව්වට සහභාගි වූ විදේශිකයා ඉන් ඇද වැටෙන අවස්ථාවේදී පැරෂුටය විවෘත වීම ප්‍රමාද බැවින් ඔහු වහලය මතට ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ විදේශිකයා වහා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙම බේස් පැනීමේ ඉසව්ව (Base Jump) නෙළුම් කුළුණේ දී ඊයේ (12) ආරම්භ වූ අතර එය හෙට දිනයේත් ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *