නේපාලය පරදා බංගලියන්ට ජය

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති 37 වැනි තරගය වූ නේපාල – බංග්ලාදේශ තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 05.00ට Arnos Vale Ground, Kingstown, St Vincent හිදී ආරම්භ වූ තරගයේ දී ලකුණු 21කින් නේපාලය පරාජයට පත් කරමින්.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් නේපාල කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීම තෝරාගනු ලැබුවා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 19යි පන්දු 03ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 106ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී නේපාල පන්දුයවන්නන් හමුවේ බංග්ලාදේශ කණ්ඩායමෙ කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟා වීමට නොහැකි වූ අතර, Shakib Al Hasan ලකුණු 17(22)ක් ද, Mahmudullah ලකුණු 13(13)ක් ද, Rishad Hossain ලකුණු 13(07) ක්ද, Taskin Ahmed නොදැවී ලකුණු 12(15) ක්ද් ,ලෙස බංග්ලදේශ කණ්ඩායමෙ ඉහළම ලකුණු ලාභීන් වුණා.

අනතුරුව ලකුණු 107ක් ඉලක්කයක් සහිතව පිටියට පිවිසි නේපාලයට පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 85ක් පමණයි රැස් කර ගැනීමට සමත් වුණේ.

එහිදී, Aasif Sheikh ලකුණු 17(14)ක් ද, Kushal Malla ලකුණු 27(40) ක්ද, Dipendra Singh Airee ලකුණු 25(31)ක්ද ලෙස නේපාල කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු රැස් කිරීමට සමත් වුණා.

T20 ලෝක කුසලානයේ 39 වැනි තරගය ලෙසින් නවසීලන්තය සහ පැපුවා නිව් ගීනියාව සහභාගීවන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00 ට Brian Lara Stadium, Tarouba, Trinidad හිදී පැවැත්වීමට නියමිත අතර, මූලික වටයේ අවසන් තරගය ලෙස 40 වැනි තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 06.00ට බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඇෆ්ගනිස්ථානය Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී තරග වදිනු ඇති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *