පක්ෂ පහකට මහ මැතිවරණය තහනම් වෙයි

පක්ෂ පහක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

එම පක්ෂ පහේ ලේකම්වරුන්ගේ ගැටලු පවතින බැවින් මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර ලබා නොදීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

එහි සභාපති ආනන්ද රත්නායක සඳහන් කළේ අදාළ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කිහිප දෙනෙකු සිටින බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු එම නියෝජිතයන් කැඳවා පසුගියදා ඒ පිළිබඳව සාකච්ඡා කළද අදාළ ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟත්වයකට නොපැමිණීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් අධිකරණය හරහා හෝ අදාළ ගැටලුව නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස එම පක්ෂ පහේ නියෝජිතයන් දැනුම් දුන් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *