පද්මෙගේ අනියම් බිරිඳ අතේ මාට්ටු

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මෙ හෙවත් මන්දිනු පද්මසිරිගේ අනියම් බිරිඳ මීගමුව පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මෙ නැමැත්තා ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමත් සමග ඇය දිවයිනට පැමිණ සිට ඇති අතර එම අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කළ විමර්ශනයකදී කෙසෙල් බද්දර පද්මේ නොහොත් මන්දිනු පද්මසිරි යන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ අනියම් බිරිඳ මේ මස 26 වැනිදා ඩුබායි රාජ්‍යයේ සිට දිවයිනට පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව සැකකාරිය පදිංචිව සිටි රද්දොළුගම ප්‍රදේශයේ නිවස පරික්ෂා කළ මීගමුව පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එම අවස්ථාවේ ඇයව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හෙරෝයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් සමගයි.

ලංකාවෙන් ලැබුණු රතු නිවේදනයක් අනුව කෙසෙල් බද්දර පද්මේ මෙම මස 25 වැනි දින ඩුබායි රාජයේදී අත්අඩංගුවට ගත් බවට කරුණු සැලවීමත් සමග ඇය මේ මස 26 වැනිදා දිවයිනට පැමිණ තිබෙනවා.

පද්මසිරි නැමැති පුද්ගලයා සමග ඇය ඩුබායි රාජ්‍යයේ එකට ජීවත් වී ඇති බවත් අදාළ සැකකාරිය මීට වසර කිහිපයකට පෙර ගුවන් හමුදාවේ සේවය කර ඉන් ඉවත් වී ඇති බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රද්දොළුගම පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ඔස්මන් නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර තිබුනේද කෙහෙල්බද්දර පත්මේ සහ ඔහුගේ ගෝලයකු බවට පසුගියදා අනාවරණ කර ගැනුණා.

මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවට පවසා රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක්, අමෙරිකානු ඩොලර් 3500ක් සහ එම නිවසේ සේවයට සිටි ඉන්දියානු ජාතිකයෙකුගේ විදෙස් ගමන් බලපත්‍රයක්ද රැගෙන ගොස් තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පැවසුවේ, විදෙස් ගමන් බලපත්‍රය යළි ලබාදීම සඳහා රුපියල් කෝටි 04ක මුදලක් සැකකරුවන් විසින් පසුව අල්ලස් ලෙස ඉල්ලා ඇති බවයි.

එම මුදල කෝටි තුන හමාර දක්වා අඩුකර ඉන් රුපියල් කෝටියක මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අදාළ කාන්තාව ඇතුළු සිව් දෙනා අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව් දෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *