පයාගල සුට්ටු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට

කළුතර රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කාර “පයාගල තෝරා “විසින් බන්ධනාගාරයේ සිට මෙහෙයවන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් අනාවරණය කර එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ “පයාගල තෝරාගේ” ප්‍රධාන ගෝලයෙකු වන “පයාගල සුට්ටු “කැමැත්තා කළුතර අපරාධ කොට්ඨාසය මගින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පයාගල කලමුල්ල ප්‍රදේශයේ මෙම සැකකරු රැඳී සිටියදී ඔහු පරීක්ෂා කිරීමේදී ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයක් සහ එම ජාවාරම සඳහා භාවිතා කළ ජංගම දුරකථන දෙකක්ද කළුතර අපරාධ කොට්ඨාසය මගින් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ “පයාගල තෝරා” නැමැත්නා කළුතර බන්ධනාගාරයේ සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටත් ඒසී ක්‍රෑෂ් ක්‍රමයට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම දොඩංගොඩ, පයාගල, මතුගම, වැලිපැන්න ,කළුතර ආදී ප්‍රදේශවල බහුල වශයෙන් සිදුකර ගෙන ගොස් ඇති අතර මෙම අත්අඩංගුවට ගත් සැකකරුද දැනට මාසයකට පමණ පෙර මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව ඇප මත සිටින පුද්ගලයෙකි.

හතළිස් අට හැවිරිදි සැකකරු පයාගල ඉහළ වඩුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *