”පරණ වතුකරය ගැන මට කියන්න එපා” – ජනපති

වතුකර ජනතාවට දෛනික වැටුප රුපියල් 1700 දෙනවා කියා තමා පොරොන්දු වුනේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (07) මාධ්‍ය ප්‍රධානින් අතර පැවැති සාකච්ඡාවකදිය.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ කම්කරු අමාත්‍යංශයේ මණ්ඩලයකින් වතු කම්කරුවන්ට ලබා දීමට ඒ මුදල වෙන් කල බවය.

ඒ අවස්ථාවේදී සමහර සමාගම්, අධිකරණය හමුවේ නඩු පැවරීමක් සිදු කල බව ජනාධිපතිවරයා සිහිපත් කර සිටියා.

මේ වන විට අධිකරණයට ගිය සමාගම් කම්කරු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා අනාවරණ කළා.

පරණ වතුකරය ගැන තමාට කියන්නට එපා යැයි ද එය තමාට වැඩක් නැති බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

එම වැටුප් ගෙවීමට නොහැකි වතු සමාගම් රජයට පවරා ගෙන අදාල මුදල් වතු කම්කරුවන්ට ලබා දීමට කටයුතු කල යුතු බව හෙතෙම කියා සිටියා.

වතුකම්කරුවන් ජිවත් වන්නේ අමාරුවෙන් බවත් ඔවුන් ජිවත් වන්නේ ආණ්ඩුව මගින් බදු දී තිබෙන ලැයිම් කාමර වන අතර එම බදු ගිවිසුම ඉවත් කරලා ඒවා ගම්මාන බවට පත් කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *