පලාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම ගැන තීන්දුව

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවතීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියම කළා.

පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් ආයතනය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *