පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය වසර 30කට පසු විවෘත කරයි

පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පමණ පසු අද (01) විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත පියවර ගෙන තිබෙනවා.

තිස් වසරක් පමණ පැවති යුද තත්ත්වය හේතුවන් මෙම මාර්ගය වසා දමා තිබූණා.

යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවුණේ ප්‍රධාන හමුදා කඳවුරක් හරහා මාරගය වැටී තිබීම නිසා බවයි අප කළ විමසීමේදී පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවේ.

මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22 වැනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කර තිබුණා.

ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශවලට දැනුම් දුන් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමටයි පියවර ගත්තේ.

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *