පසුගිය සති දෙකට ලීසින් වාහන දාහක් උස්සලා..

බලහත්කාරයෙන් වාහන මංකොල්ල කන සී සර්ල ගැන ජනාධිපතිතුමාට කියනවා….
ලීසිං නය වාරික ගෙවන්නෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට
ලීසින් ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය…
ලීසිං වාහන බලහත්කාරයෙන් රැගෙන යෑමට එරෙහිව ලීසිං ණය වාරික ගෙවන්නන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට විරෝධතාවයක් සඳහා පැමිණ සිටියා..
එහිදී පොලිසිය මැදිහත්වීමෙන් එම සංගමය නියෝජිතයන් දෙදෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට අවසර ලැබුණා..
ඔවුන් මෙම ස්ථානයට පැමිණි කාරණාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කළා..
එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා කියා සිටියේ…
ලීසින් වාහනබලහත්කාරයෙන් පැහැරගෙන යාමට එරෙහිව නීති අණ පනත් තිබුණත් සීසර්ලා මාර්ගයෙන් වාහන පැහැරගෙන යෑම නැවතත් සිදුවන බවයි..
මෙසේ නීතිරෝධී ලෙස ලීසින් වාහන පැහැර ගැනීම නවත්වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ..
පසුගිය සති දෙක තුළ නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් වාහන දාහක් පමණ පැහැරගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ..
ඉන් අනතුරුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස්
ජනාධිපති ලේකම් වරයා මුණගැසී ඇති අතර අද දින ඉදිරිපත් කරන ලද සංදේශය ජනාධිපතිතුමා වෙත යොමුකරන බවත් ඉදිරියේදී ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවද සඳහන් කර තිබෙනවා..

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *