පළමුවරට දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව ශ්‍රී ලංකාවට විස්සයි විස්ස තරගාවලි ජයක්

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඉතිහාසයේ පළමුවරට පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (03) සමත්වුණා.

ඒ, දෙරට අතර ඊස්ට් ලන්ඩන්හීදි අවසන් වූ 3 වන හා අවසන් විස්සයි 20 තරගය කඩුළු 4කින් ජය ගනිමින්.

මේ අනුව තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය දෙකට එකක් ලෙස ජය ශ්‍රී ලංකාවට හිමි වුණා.

ඊයේ තරගයේ පළමුවට පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 155ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළ පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ ජයග්‍රාහි සීමාව පසුකර ගියේ කඩුලු‍ 6ක් පමණක් දැවී තිබියදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර දකුණු අප්‍රිකානු කාන්තා පිළ සමග පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලි 3ක් ක්‍රීඩා කර තිබූ අතර ඒ සියල්ලම ඔවුන් පරාජය පත්ව තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *