පළාත් කිහිපයකට තද වැසි

පළාත් කිහිපයකට අද (15) දිනයේ මි.මී 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන් ම නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.

උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *