පළාත් ඡන්දෙට මැකෝ නීතිපති හමුවෙයි?

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමේ හෝ ඉල්ලා අස්කර ගැනීමට හෝ බලයක් මැතිවරණ කොමිෂන් සභාවට නැතැයි එහි සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය.

ජනාධිපති ඡන්දය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අධිකරණයෙන් නියෝගයක් ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.

පවතින නීතිය අනුව එම මැතිවරණය පැවැත්විය යුත්තේ කැඳවූ නාම යෝජනා අනුව බවත් පළාත් පාලන පනතට සංශෝධනයක් ගෙන ඒමෙන් නාම යෝජනා අවලංගු කළ හැකි බවත් රත්නායක මහතා කීවේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *