පළිගැනීමක් වශයෙන් සිදුකළ අත්අඩංගුවට ගැනීම

රුපියල් ලක්ෂ 12කට ආසන්න ගොඩනැගිලි ද්‍රව්‍ය ලබානොදීමට පළිගැනීමක් වශයෙන් මාතර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ උපදෙස් මත තම මව මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කළ බවට තිහගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු චෝදනා කරනවා.

ඔහු පවසන්නේ එම පොලිස් නිලධාරියාගේ උපදෙස් මත පසුගියදා තමන් සහ තම මව අත්අඩංගුවට ගැනීමට තිහගොඩ පොලිසිය පියවර ගත් බවයි.

මාතර තිහගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම හෝටලයට පසුගිය පළමුවැනිදා තිහගොඩ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ තිබුණා.

එම හෝටලයේ හිමිකරු පැවසුවේ එලෙස පැමිණි පොලිස් නිලධාරීන් ව්‍යාජ ලෙස මත්ද්‍රව්‍ය චෝදනා ගොනුකරමින් තමන් සහ තම මව අත්අඩංගුවට ගත් බවයි.

පසුව පොලිස් නිලධාරීන් විසින් එම හෝටලයේ හිමිකරු සහ ඔහුගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝටලයේ හිමිකරු පැවසුවේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට ලක්ෂ 12ක පමණ ගොඩනැගිලි ද්‍රව්‍ය ලබානොදීම සම්බන්ධයෙන් තමන්ට මෙම අසත්‍ය චෝදනා ගොනුකර ඇති බවයි.

නීති විරෝධි මත්පැන් චෝදනාව යටතේ තමන් සහ තම මව අත්අඩංගුවට ගත්තද පොලිසිය නඩු පවරා ඇත්තේ හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට බව ද ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිසිය පැවසුවේ හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් කාන්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් හෝටලේ හිමිකරු ඇප මත මුදා හැරි බව ද පොලිසිය සඳහන් කළා.

මේ අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු කම්පනයට පත් හෝටල් හිමිකරුගේ මිත්තණිය ද එදින රාත්‍රියේම මියගොස් තිබෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *