ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට ගුවන්යානයක් කඩා වැටී තිදෙනෙකු ජීවිතක්ෂයට

ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට ගුවන්යානයක් කඩා වැටී අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් සංචාරකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියානු ගුවන් සේවයට අයත් මෙම ගුවන්යානය වියානා වෙත පියාසර කරමින් සිටිය දීයි මෙම අනතුර සිදු වී ඇති බවයි.

ගුවන්යානය අධි බලැති විදුලි රැහැනක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වෙනවා.

එම අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගය වසා ඇති බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *