ප්‍රදේශ කිහිපයකට අද තද සුළං

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *