ප්‍රබල අකුණු අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

බස්නාහිර,මධ්‍යම, දකුණ, සබරගමුව, ඌව, වයඹ සහ උතුරු මැද පළාත් වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මෙම වැසි සහිත කාලගුණයත් සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් අද (29) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම වැසි තත්ත්වය හමුවේ තද සුළං ඇති විය හැකි බවද සදහන්.

ඒ අනුව අකුණු සහ සුළං හේතුවෙන් ඇති විය හැකි ආපදා තත්වයන් වළක්වා ගැනීමට ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *