ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

සපුගස්කන්ද, කොට්ටුන්න පන්සල අසලදී ඊයේ (18) දින විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝනහේන විශේෂ කාර්ය බලකාය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ එම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 120 ක් ද, ජංගම දුරකථනයක් ද, අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වයස වයස අවුරුදු 32ක අයෙක් වන අතර, සැකකරු සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *