ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන ගෝලයා වන, දික්පිටිගොඩ ලහිරුගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, රාගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

විශේෂ කාර්ය බළකාය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ, රාගම, ගල්වලවත්ත, කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේදියි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 526ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 33ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, මේ වනවිට අත්අඩංගුවේ සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “ගනේමුල්ලේ සංජීව” නමැත්තාගේ ප්‍රධාන ගෝලයා වන, විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන “දික්පිටිගොඩ ලහිරු” නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයා මොහු බවට අනාවරණ වුණා.

මොහු මීට පෙර 2018 වර්ෂයේ දෙසැම්බර් මස 06 වැනි දින ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 500ක් සමගයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *