ප්‍රවීණ හඬ කැවීම් ශිල්පියකු ලෙස කටයුතු කළ මංගල ප්‍රේමදාස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු වසර පනහකට අධික කාලයක් විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් සැනසූ හඬ අනුකරණ ශිල්පියෙක්.
කාලයක් රෝගාතුරව පසු වූ මෙම ප්‍රවීණ කලාකරුවා මිය යන විට 72 වියේ පසු වුණා.
ඔහුගේ දේහය රාජගිරිය පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.