ප්‍රීමා කුසලානය කොළඹ දකුණ කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිලෝන් agro in drestries සමාගමේ ප්‍රීමා සන්නාමය සමඟ එක්ව සංවිධානය කළ වයස අවුරුදු පහලවෙන් පහළ ක්‍රිකට් තරගාවලියේ ජය අත්කර ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත් වුණා
අවසන් තරගයේ පැවැත්වුණේ කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී
මෙහිදී මුලින් පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම නියමිත පන්දුවාර පනහ තුළදී කඩුලු නමයක් දැවී ලකුණු දෙසිය දාහතරක් ලබා ගත්තා.
රෙෂාන් සොලමන්ස් ලකුණු 77
තාරුක සමින්ජිත ලකුණු 32යි.
පන්දු යැවීම සනිතු ගුණතිලක ලකුණු විසිනමයට කඩුලු තුනයි.
චනුල් කොඩිතුවක්කු ලකුණු 40 ට කඩුලු තුනයි

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායමට ඕවර 25යි පන්දු පහකදී, සියලු දෙනාම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 65 ක් පමණයි .
චනුල් කොඩිතුවක්කු ලකුණු 36
චනිතූ කංකානම්ගේ ලකුණු විසිදෙකට කඩුලු පහයි
මෙතුම් ප්‍රනාන්දු ලකුණු 19 ට කඩුලු තුනයි .
මෙහිදී කොළඹ දකුණ කණ්ඩායම ලකුණු එකසිය හතලිස් තුනක ජයක් අත් කර ගත්තා

කුසලාන ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුවේ සභාපති සමන්ත දොඩන්වල
සිලෝන් agro industries ප්‍රීමා සමූහයේ සමූහ සාමාන්‍යාධිකාරී ඇන්ඩි වීරවන්, සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න ය යන මහත්වරුන් එක්ව සිටියා.
තරගාවලියේ හොඳම පන්දු යවන්නා යුමල් එගොඩගේ (දඹුල්ල)

හොඳම පිතිකරු රෙෂාන් සොලමන්ස් (කොළඹ දකුණ)
අවසන් තරගයේ වීරයා චනිතු කංකානම්ගේ (කොළඹ දකුණ)
තරගාවලියේ වීරයා දුෂෙන් උඩවල(කොළඹ දකුණ)

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *