සී මාසහිත සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් (ප්‍රේමා) සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ සුපිරි පළාතේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පසුගිය වර ශූර කොළඹ දකුණ පිල ඊයේ (4දා) සමත් විය.
කොළඹ රාජකීය ක්‍රීඩාංගණයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී තම අපරාජිත බව රැක ගනිමින් කොළඹ දකුණ පිල කොළඹ උතුර පිල එක් කඩුල්ලකින් පැරද වීය.
මුලින් පන්දුවට පහර දුන් කොළඹ උතුර: 179 (පන්දුවාර 49.1) (ශෂිඳු සිල්වා 37, කවිත් ද සිල්වා 36, හිමිර කුඩාගම 35, චමිත කංකානම්ගේ 27/3, තාරුක සමංජිත 38/3, මෙතුම් ප්‍රනාන්දු 33/2),
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ දකුණ: 180/9 (පන්දුවාර 49.1) (මෙතුක ගුණරත්න 45, දුෂේන් උඩවෙල 30, මහිරු කොඩිතුවක්කු නොදැවී 22, අබ්දුල් රහුමාන් 20/2, මොවිඳු ෂෙනාල් 25/2, ෂනුක් ජයවර්ධන 34/2, ෂම්මා ජොනතන් 39/2)
මේ අතර දඹුල්ල පිල සහ මහනුවර පිල අතර වන දෙවැනි අවසන් පූර්ව තරගය අද (5දා) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහිදී දඹුල්ල පිල අකෙන් සුජායන (කුරුණෑගල මලියදේව විද්‍යාලය) විසින් මෙහෙයවනු ලබන අතර මහනුවර පිල වනුල් කොඩිතුවක්කු
(මහනුවර කිංස්වුඩ් විද්‍යාලය) විසින් මෙහෙයවනු ලබයි.
මෙම තරගාවලියේ අවසන් තරගය 6 වැනි දින කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.