පාඨලීගේ රියදුරුගේ පවුලේ මූලික අයිතිවාසිකම් පොලිසිය උල්ලංඝනය කරලා

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු සොයාදෙන ලෙස ඔහුගේ බිරිඳ, අත දරුවා සහ ඇයගේ මව අනීතික ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන විත් පැය කිහිපයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රදවා ගැනිම තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව අදාල මූලික අයිතිවාසිකම් කඩ කිරීමට වගකිවයුතු කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නෙවිල් සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. මෙත්තානන්ද යන නිලධාරීන් සිය පුද්ගලික මුදල්වලින් රුපියල් 250000/- බැගින් පෙත්සම්කාරියට වන්දි ගෙවිය යුතු බවත් නියෝග කර ඇත්තේ

ඊට අමතරව රජය විසින් රුපියල් 10000/- වන්දියක් ගෙවිය යුතු බවත් නියෝග කර තිබෙනවා.

අර්ජුන ඔබසේකර, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *