පාඨලී පැය 02කට ආසන්න කාලයක් CIDට ප්‍රකාශ දෙයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

ඒ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයකට අදාළව කරුණු විමසීම සඳහායි.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රත්නපුර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව වෙත කැඳවා තිබුණා.

ඒ අනුව ඊයේ(30) පෙරවරු 10.30 පමණ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

පැය 02කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *