පාර්ලිමේන්තුව අසළ බිහිසුණු රිය අනතුරක්

පාර්ලිමේන්තු මාර්ගයේ අධික වේගයෙන් පැමිණි කාර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ගමන් ගත් වෑන් රථයක ගැටී අනතුරට ලක් වීමෙන් හතර දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පාර්ලිමේන්තු මාර්ගයේ පාර්ලිමේන්තු යුද හමුදා ස්මාරකය අබියසදී මෙම අනතුර සිදුවූ අතර අනතුරින් වයස අවුරුදු තිහට අඩු තරුණයින් හතර දෙනකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් කාර් රථය දෙකඩ වී ඇති අතර වෑන් රථයට ද දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ වෑන් රථය කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයට අයත් රථයක් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *