පාර්ලිමේන්තුව දින 04කට රැස්වෙයි

පාර්ලිමේන්තුව ජූලි 09 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පැවසුවා.

පසුගිය 03වෙනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ සිදුකරන්නා වූ පාර්ලිමේන්තු කටයුතු තීරණය කළා.

මේ අනුව ජූලි 09 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදය පැවැත්වීමට ද, ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2021), ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශය (2021) සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2022) විවාදයකින් තොරව අනුමත කිරීමට ද නියමිතව තිබෙනවා.

එසේම මාතර සමය සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත, ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සහ සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිත අතර ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත) විවාදයට ගැනීමට නියමිත බවද සඳහන්.

ජූලි මස 10 වැනි බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සුරාබදු ආඥාපනත යටතේ අංක 2366/38 සහ 2369/32 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නිවේදන දෙකක්, ආනයන සහ අපනයන පනත යටතේ අංක 2384/34 සහ 2384/35 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි දෙකක් සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2377/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය විවාදයට ගැනීමට නියමිත‍යි.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර තිබෙනවා.

ජූලි මස 11 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනීමට නියමිත බවද සඳහන්.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත) විවාදයට ගැනීමට නියමිත‍යි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *