පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය වෙත ලද පැමිනිල්ලකට අනුව, අධිකාරියෙහි විමර්ශන නිලධාරින් විසින් මාවනැල්ල, හෙන්මාතගම ප්‍රදේශයේ ආයතනක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත් ලියාපදිංචි සහතිකය කල්ඉකුත්ව තිබියදී, එම තොරතුරු ව්‍යාජ ලෙස යොදාගනිමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කිරීම සම්බන්ධව 2024.11.02 දින වැටලීමක් සිදුකරන ලදී .
මෙහිදී නිෂ්පාදනය කර බෙදාහැරීම සදහා සූදානම් කරතිබූ 500ml ජල බෝතල් 1904ක්, ලීටරයේ ජල බෝතල් 484ක්, ලීටර් එකහමාරේ ජල බෝතල් 576ක් හා ලීටර් 19 ජලබෝතල් 34ක් නිලධාරීන් භාරයට ගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පනතට අනුව තමන්ට නොමැති ප්‍රමිතියක් හෝ අනුග්‍රහකත්වයක් ඇති බවට ව්‍යාජ ලෙස හුවා දැක්වීම වරදක් වන අතර අදාල ව්‍යාපාරික ආයතනයට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය.
පාරිභෝගිකයන් නොමග යවමින් භාණ්ඩ නිෂ්පාදනය කරන මෙවැනි ආයතන සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිරන්තරයෙන් වැටලීම් සහ විමර්ශන සිදුකරනු ලබයි.