පාලමේ හැපුණු නැවේ සුලමුල එළියට

අමෙරිකාවේ බැල්ටිමෝර්හී සුප්‍රකට ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය තහවුරු කරනවා.

අනතුර පිළිබඳ මුලික විමර්ශන වාර්තාව ද මේ වන විට නිකුත් වී ඇති අතර එහි දැක්වෙන්නේ නෞකාව කාර්ය මණ්ඩල පාලනයෙන් ගිලිහීම මෙම අනතුරුට හේතුව බවයි.

සිංගප්පූරු ධජය සහිතව යාත්‍රා කළ ඩාලි බහාලුම් නෞකාව අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරට ලක්වූයේ පෙරේදා අළුයමයි.

නෞකාව ගැටීමත් සමග ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම පැටප්ස්කෝ ගඟට සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.

නෞකාවේ අනතුරු ඇඟවීමේ පණිවුඩ හේතුවෙන් පාලමට වාහන ඇතුළුවීම නැවැත්වීමට මේරිලෑන්ඩ් බලධාරීන් පියවර ගත්තත් ඒ වනවිටත් පාලමට ඇතුළුකර තිබූ වාහන 07ක් පමණ පැටප්ස්කෝ ගගට ඇද වැටී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ පාලමෙහි ඉදිකිරීම් සේවකයින් පිරිසක් ද රැඳී සිට ඇති අතර මේවන විට පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් ඇති බව විදේස් මාධ්‍ය තහවුරු කරනවා.

අතුරුදන්වූ සෙසු පිරිස් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙම අනතුරින් නෞකාවේ සිටි තපිතාන්වරයා ඇතුළු ඉන්දීය කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් නොමැති බව විදෙස් වාර්තාවල සඳහන්.

ඩාලි බහාලුම් නෞකාව ලබන මස 22 වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ අතර මෙම අනතුර පිළිබඳව මුලික විමර්ශන වාර්තාව මේ වන විට නිකුත්වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *