පාලිත තෙවරප්පෙරුම මියගිය හැටි ගැන නෑයෙක් හෙළි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මියගිය විට සමාජ මාධ්‍ය තුල දකින්නට ලැබෙන වටපිටාව අද වෙනස් වී තිබෙනවා.

අපිට සමාජ මාධ්‍ය තුල දකින්න ලැබෙන්නේ වෙනස් ම ආකාරයේ වටපිටාවක්.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ශෝකය පලකරන වටපිටාවක්.

පාලිත තෙවරප්පෙරුමගේ මරණය පිළිබඳව සියල්ලන්ටම ඇත්තේ මහත් කනගාටුවක්.

පාලිත තෙවරප්පෙරුමගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු වන අරුන් තෙවරප්පෙරුම පාලිත තෙවරප්පෙරුමගේ මරණය ගැන පැහැදිලි කළේ මෙලෙසිනි,

” ඔහුගේ පුද්ගලික වත්තේ පොහොර දමමින් වැඩ කර කර හිටියේ. ඒ වත්තේ ආලෝකය සඳහා තැනින් තැනට විදුලිය ලබාගෙන තිබෙනවා.

නොදැනුවත්වම බිම තිබුණු එකක් පෑගිලා විදුලි සැර වැදිලා වැටිලා තිබෙනවා. එතන හිටපු සේවකයෝ ඔහුව රෝහලට රැගෙන ගිහින් තිබුණා. දුරත් එක්ක රෝහලට ගේන්න විනාඩි 40ක් විතර ගියා. “

සිය සොහොන තමන් අතින්ම සදා නිම කරමින් අවසන් ගමන් ගිය පාලිත තෙවරප්පෙරුම මිට පෙර සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් සඳහන් කලේ තමන් ගේ නිසල නිවහන මෙය බවයි.

ඔහුගේ තනියට තමන්ගේ මියගිය පුතු සිටින බවයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *