පාලිත බණ්ඩාර පස්වන තැනට

මේ වනවිට ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැවති අවසන් ක්‍රීඩා ඉසව්ව සඳහා පාලිත බණ්ඩාර ඊයේ සහභාගි වුණා.

යගුලිය විසි කිරීමේ එෆ් 63 කාණ්ඩයෙන් තරග වැදුනු ඔහුට එහිදී හිමිවූයේ පස්වන ස්ථානයයි. ඔහු එහිදී දැක්වූ දක්ෂතාව මීටර 14.51 ක්.

මෙවර පැරා ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අටදෙනෙකු සහභාගිවූ අතර, එහිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමිත දුලාන් සමත්වුණා. පිරිමි හෙල්ල විසිකිරීම එෆ් 64 ඉසව්වෙන් රිදී පදක්කම ජයග්‍රහණය කළ ඔහු එහිදී එෆ් 44 කාණ්ඩය යටතේ මීටර 67 යි දශම බින්දුවයි තුනක දක්ෂතාවක් දක්වමින් ලෝක වාර්තාවක් ද පිහිටුවනු ලැබුවා. ඒ, මීට පෙර ඔහු විසින් තබා තිබූ ලෝක වාර්තාව බිඳ දමමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *