පාසල් දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායි සහල් බෙදාහැරීම අද සහ හෙට

පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන විසින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් තොගයක් පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත නිකුත් කිරීම අද (19) සහ හෙට (20) සිදු කෙරෙනවා.

ඒ, වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදියි. සහල් සබලකරණය යනු සහල්වල මුලින් නොමැති අනෙකුත් විටමින් සහ ඛනිජ ලවණ එකතුකර පෝෂ්‍ය මට්ටම ඉහළ නැංවීමයි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සබලකරණය කරන ලද සහල් මෙටි්‍රක්ටොන් 735 ක් මෙහිදී නිකුත් කෙරෙන බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සඳහා වූ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ එම කටයුතු සිදු කෙරෙනවා.

මේ අතර, සබලකරණය කරන ලද ඉතිරි සහල් ප්‍රමාණය මෙන්ම රතු පරිප්පු, සූරියකාන්ත තෙල් සහ රටඉඳි ඇතුලු අනෙකුත් ආහාර ද්‍රව්‍ය තොග බෙදාදීම නව පාසල් වාරය ආරම්භ වූ පසු සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *