පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන හදි කළ 5ක් සොයා විමර්ශන

පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිදුවීමක් වාර්තා වනවා.

17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් මෙසේ සමූහ දූෂණයට ලක්කොට ඇති බවයි හංවැල්ල පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවේ.

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී මේ ශිෂ්‍යාව පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ තරුණයින් පස් දෙනෙකු සොයාපරීක්ෂණ ආරම්භ කළ බවද හංවැල්ල පොලිසිය පවසනවා.

මෙම පාසල් ශිෂ්‍යාව ඇගේ පෙම්වතා හමු වීමට ගොස් තිබුණා.

පසුව නැවත නිවස බලා එමින් සිටි‍යදී අතර මග යතුරු පැදිවලින් පැමිණි තරුණයින් පස් දෙනෙකු විසින් ශිෂ්‍යාව බලහත්කාරයෙන් පැහැරගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනූව ඇය යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ හදමින් තිබූ ආදාහනාගාරයක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

එහිදී පාසල් දැරිය සමූහ වශයෙන් දූෂණය කොට ඇති බවයි දැරිය විසින් සිදුකල පැමිණිල්ලේ සදහන් වන්නේ.

දූෂණයට පත් දැරිය කොස්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි පොලිසිය පැවසුවේ.

පොසොන් පොහොය යෙදුණු අද පෙරවරුවේ මේ දැරිය ඇයගේ මවගේ නැගණිය සමග දන්සැලක් වෙත ගොස් තිබෙනවා.

එහිදී පුංචි අම්මාට යමක් පවසා පෙම්වතා හමුවීමට ගොස් තිබෙන බවයි අය පොලිසියට පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ෂණයක් අරඹා තිබෙන බවත් වහාම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි හංවැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හිරු නිවුස් වෙත පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *