පාසල් සිසුවෙක් දර මඩුවක් තුළ ගෙල වැළලාගෙන මියයයි

පාසල් සිසුවෙක් සිය නිවස අසල පිහිටි දර මඩුවක ගෙල වැළලාගෙන අද 08 මියගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

මෙසේ ගෙල වැළලාගෙන මියගොස් ඇත්තේ නොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේ පදිංචිව සිටි මුරුගානන්දන් අභිෂෙක් නැමැති 15 හැවිරිදි පාසල් සිසුවෙක්.

මියගිය සිසුවා හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ඩන්කන් වත්තේ දමිල මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අතර එම සිසුවා දින කිහිපයක් පාසල් නොයැම නිසා ඔහුගේ දෙමව්පියන් විසින් පාසල් යන ලෙසට බල කර තිබෙනවා.

එම සිදුවීමෙන් පසුව අදාළ දරුවා මෙසේ ගෙල වැළලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාසල් නොගිය දරුවා සම්බන්ධයෙන් දෙමව්පියන් සොයා බලන අවස්ථාවේ දරුවා දර මඩුවේ ගෙල වැළලාගෙන මියගොස් ඇති බව දෙමව්පියන් දැක තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *