පාසල් සිසුවෙකු සුදු ඉර මතදි ත්‍රිරෝද රථයකට යටවෙයි

වැලිමඩ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයකට සුදු ඉර මතින් මාර්ගය මාරු වෙමින් සිටි පාසල් සිසුවෙකු ගැටිමෙන් එම පාසල් සිසුවා බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ ඊයේ (07) දින දහවල් 12.00ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දමිල මහා විද්‍යාලය ඉදිරිපිට සුදු ඉර මතදීයි බවයි වාර්තා වන්නේ.

බාහිර පන්තියකට සහභාගී වීමට පැමිණ ඇති පාසල් සිසුවා අපරික්ෂාකාරි ලෙස සුදු ඉර මතින් මාර්ගය මාරු විමට උත්සහ කළ අවස්ථාවේ අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයේ ගැටි පාසල් සිසුවා අඩි කිහිපයක් ඉදිරියට බිම දිගේ ඇදි ගොස් බරපතල ලෙස තුවාල ලබා ඇති බවද සඳහන්.

අනතුරෙන් පාසල් සිසුවාගේ පාදයකට දැඩි ලෙස තුවාල සිදු වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

ත්‍රිරෝද රථයේ රියදුරා දිඹුල පතන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකරු (08) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසිය පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *