පාසලේ තිබු කොන්ක්‍රිට් සිලින්ඩරයක් ඇඟට පෙරලී සිසුවා මරුට

තේ වත්තක සංවර්ධන කටයුත්තක් සඳහා රැගෙන විත් පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් සිලින්ඩරයක් ඇඟ මතට පෙරලිමෙන් බරපතළ ලෙස තුවාල ලැබු පාසල් සිසුවෙකු රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඊයේ (04) දින ජීවිතක්ෂයට පත් වූ බව මස්කෙලිය පොලිසිය පවසනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත් වී ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි ගාඩ්මෝර් දමිළ පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙක්.

ජීවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමඟ ඊයේ පස්වරු 1.30ට පමණ වැසිකිලිය වෙත යාම සදහා පැමිණි අවස්තාවේදී පාසල් භුමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රිට් සිලින්ඩරයක් සිසුවාගේ ඇඟ මතින් පෙරලී‍යාමෙන් පසුව ඔහු වැසිකිලියේ බිත්තියට සිරවීමෙන් බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

අනතුරුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසීන් එක්ව තුවාල ලබා සිටි පාසල් සිසුවා සුවසැරිය ගිලන් රථය මගින් මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *