පැල්පත් නිවසක් අසල භූමියක ගෙපොළක් කපමින් සිටියදී එල්ල වූ අකුණු සැර පහරකින් පාසල් සිසුවියක් මියගොස් තවත් පාසල් සිසුවෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සිදුවීම අද (31) පස්වරුවේ සිදු ව ඇත්තේ පස්සර අඹතැන්න ගම්මානයේ දී බවයි.

පස්සර මධ්‍ය මහා විදුහලේ 6 වසරේ ඉගෙනුම ලබන මෙවර ශිෂ්‍යත්ව විභාගයට ද පෙනී සිටි ඕ. ඒම්. ටී මධුවන්ති නමැති ශිෂ්‍යාවයි මෙලෙස මියගොස් ඇත්තේ.

බරපතළ තුවාල ලබා ඇත්තේ ඇයගේ 16 හැවිරිදි වැඩිමහල් සහෝදරයායි.

එම දරුවා ද අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බැවින් පස්සර දිසා රෝහලෙන් බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙම දරුවන් දෙදෙනා මෙතෙක් පදිංචිව සිට ඇත්තේ සිය දෙමාපියන් සමග පැල්පත් නිවසක බවත්; නව නිවසක් ඉදිකර ගැනීමට ගෙපොළක් කැපීමට උදව් කරමින් සිටියදියි මෙලෙස අවාසනාවන්ත ඉරණමකට ගොදුරුව ඇත්තේ.

සිද්දිය සම්බන්ධයෙ බදුල්ල පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා (

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *