පැවිදි දිවියට එළැඹීමට ඇදහිය නොහැකි ධනයක් පරිත්‍යාග කළ යුවළ

පැවිදි දිවියට එළැඹිම සඳහා සිය ධනය මුළුමනින්ම පරිත්‍යාග කළ යුවළක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවෙනි.

ඉන්දියාවේ ගුජරාටයේ ජෛන ආගම අදහන යුවළක් මෙම තීරණය ගෙන ඇති බව එම මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී ඔවුන් ජනතාව වෙත බෙදා දී ඇති ධනය ඉන්දීය රුපියල් කෝටි 200කට ආසන්න බව එම වාර්තා පෙන්වාදී තිබේ.

මොවුන් පසුගිය පෙබරවාරි මාසයේදී මෙලෙස සිය ධනය පරිත්‍යාග කර ඇති අතර අප්‍රේල් මාසය අවසානයේ පැවිදි දිවියට එළැඹීමට නියමිත බවට වාර්තා වෙයි.

2022 වර්ෂයේදී ඔවුන්ගේ දියණිය සහ පුත්‍රයාද මෙලෙස පැවිදිදිවියට එළැඹ තිබීම විශේෂත්වයකි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *