පැහැරගෙන ගොස් පුද්ගලයෙකු ඝාතනය කරයි

පැහැරගෙන ගොස් පුද්ගලයෙකු ඝාතනය කර ඔහුට අයත් කැබ් රථය තුළ පුලුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා අලුයම ඝාතනයට ලක්වූ ත්‍රිකුණාමලය – ඇලස්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ වෙළඳසැළක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ස්ථානයට පැමිණි පිරිසක් පහරදී ඔහුව කැබ් රථයේ නංවාගෙන ගොස් තිබුණා.

අනතුරුව ඔහුව ඝාතනය කර පුලුස්සා කැබ් රථය තුළ දමා තිබියදී හමුව ඇත්තේ මොරවැව කැලෑ ප්‍රදේශයක තිබියදියි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් අත්අඩංගුවට ගත් පුද්ගලයා 24 හැවිරිදි කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *