පිටරටවල හෙඩ් හන්ටින් අපේ රටේ ජොබ් හන්ටින්

විදේශ රටවල විශ්වවිද්‍යාවලට විවිධ සමාගම් පැමිණ උපාධිය සමත්වීමට වසරකට පෙර අදාළ සිසුන් මුණ ගැසී ඔවුන්ට කොන්දේසි සහිත යෝජනා ලබා දෙන බව විපක්ෂ නායක් සජිත් ප්‍රේමදාස පවසනවා.

එහි දී ඉහළ සාමාර්ථ ලබා ගත හොත් ඔවුන්ගේ කර්මාන්ත ශාලාවල හා සමාගම්වල රැකියා ලබා දෙන බව පවසන බවත් එය හෙඩ් හන්ටින් ලෙස හඳුන්වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

එහෙත් අප රටේ සියලු විභාග සමත් වූ උපාධිධාරීන්ට සිදුව ඇත්තේ හෙඩ් හන්ටින් නොව ජෙබ් හන්ටින් කිරීම බවත් රැකියා ලබා ගැනීමට දේශපාලනඥයන් පසුපස ‘අනේ’ කියමින් යාමට සිදුව ඇති බවත් ඔහු පැවසුවා.

එයට හේතු වී ඇත්තේ අප රටේ බහුතරයක් උපාධිධාරීන්ට ඉංග්‍රීසි භාෂා හා තොරතුරු තාක්ෂණ නිපුණතාව නොමැති වීම බවත් මේ යන ක්‍රමයට නම් මේ රට ගොඩගත නොහැකි බවත් තවදුරටත් සිදුවන්නේ අධ්‍යාපනය විනාශ වීම බැවින් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ පාසලේ සිට ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *