පියාගේ මරණයට ලන්ඩනයේ සිට ආ පුතා මියයයි

යාපනයේ පදිංචි සිය පියාගේ අවමංගල උළෙලට සහභාගී වීම සදහා ලන්ඩනයේ සිට පැමිණි පුතෙකු දැඩි ශෝකය නිසා හටගත් හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (18) මියගොස් තිබෙනවා.

යාපනයේ කරෙයිනගර් මනට්කාඩු ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පියෙකු කලක් රෝගීව සිටීමෙන් පසුවයි මෙලෙස මියගොස් ඇත්තේ.

ඔහුගේ 31 හැවිරිදි පුතා මීට වසර හතරකට පෙර ලන්ඩනයට ගොස් ඇති අතර, පියාගේ අභාවය නිසා ඔහු යාපනයට පැමිණ තිබෙනවා.

පැමිණි දිනයේම ඔහු හදිසියේම ක්ලාන්ත වී බිම ඇද වැටි ඇති අතර, ඔහුව කරෙයිනගර් රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති අතර, ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවයි වෛද්‍යවරු නිගමනය කර ඇත්තේ.

මෙසේ මියගොස් ඇත්තේ එස්. ප්‍රගාස් නැමති තරුණයෙක්.

වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇත්තේ මියගිය අයට එක්වරම අවස්ථා දෙකකදී හෘදයාබාධ දෙකක් ඇති වී තිබෙන බවයි.

කරෙයිනගර් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *