පියා සී සාමින් සිටි ට්‍රැක්ටරයට යට වී 8 හැවිරිදි දියණිය මියයයි

මන්නාරම මුරුන්කන් පූවරසන්කුලම ප්‍රදේශයේ පියෙක් සිය ටැක්ටරයෙන් සී සාමින් සිටියදී එහි වාඩි වී සිටි ඔහුගේ අවුරුදු 8 ක දැරිය ට්‍රැක්ටරයෙන් බිමට ඇද වැටී ඊට යට වී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පියා සමග කුඹුරට ගිය දියණිය නියරක් මත තබා ගොවියා සී සාමින් සිටියදී දැරියටද ට්‍රැක්ටරයට නැගීමට අවශ්‍ය බව ප්‍රකාශ කොට ඇති බව සඳහන්.

දියණියද ටැක්ටරයේ වාඩි කරගෙන සී සාමින් සිටියදී ඇය ට්‍රැක්ටරයෙන් බිමට වැටී ඊට යට වී තිබෙනවා.

වහාම ඇයව මන්නාරම රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විට දැරිය මියගොස් පැය බාගයකට වඩා වැඩි කාලයක් ගත වී ඇති බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

මියගොස් ඇත්තේ එස්. සින්ධුජා නැමති දැරියක්.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා දැරියගේ මළ සිරුර මන්නාරම රෝහලේ තබා ඇති අතර මුරුන්කන් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ
පවත්වා ගෙන යනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *