පියුමිගේන් ප්‍රකාශයක් සටහන් කරගත යුතුයි

නීතිවිරෝධී සහ සැකකටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයාගත්තේ යැයි කියන නිරූපණ ශිල්පිනී පියුම් හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැදවා ළඟදීම ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කර විකුණා ගැනීමට නොහැකිව තිබූ රුපියල් කෝටි අටක් වටිනා රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථය පියුමි හංසමාලි මිලදී ගැනීම ඇතුළු සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ඉදිරියේදී ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පියුමි හංසමාලී රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නවයක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19ක තොරතුරු ඉල්ලා ඇති බවත් එම බැංකු වාර්තා ලැබුණු පසු ඒවා දීර්ඝ සහ පුළුල් ලෙස විමර්ශනය කිරීමෙන් පසු හෙළිවන තොරතුරු අනුව ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇති බවත් රහස් පොලිස් නිලධාරියෙක් කීය.

නිරූපණ ශිල්පිනී හංසමාලිගේ ආලේපන හා රූපලාවණ්‍ය උපකරණ බෙදාහරින කුරියර් සමාගමේ සභාපතිවරයාගෙන්ද රහස් පොලීසිය ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

එම කුරියර් සමාගමේ සේවය කරන තවත් කිහිපදෙනකුගෙන්ද ඉදිරියේදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසිය කටයුතු යොදා ඇත

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *