පුතාගේ පෙම්වතියට නොමනා දඬුවමක් දුන් මවට අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

තමාගේ පුතා සමග නිවසේ ලිංගිකව හැසිරෙමින් සිටි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇයගේ දෙමව්පියන්ට පෙන්වා බියවැද්දීම ඇතුළු චෝදනා 03කට වරද පිළිගත් කාන්තාවකට කුරුණෑගල අධිකරණයෙන් දිය හැකි උපරිම දඬුවම නියම කර තිබෙනවා.

අවුරුදු විස්සක් වයසැති තරුණයෙක් එම වයසේම සිය පෙම්වතිය සමග තරුණයාගේ නිවස තුලදී ලිංගිකව හැසිරී ඇති අවස්ථාවකදී එය දුටු තරුණයාගේ මව විසින්, තරුණයාව එම ස්ථානයෙන් ඉවත්කර තරුණියගේ පමණක් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඇයගේ දෙමව්පියන්ට පෙන්වා ඇති අතර ඉන් කම්පනයට පත් වූ එම දැරිය විශාදය නැමති මානසික රෝගයට ගොදුරු වී තිබුණා.

පසුව කුරුණෑගල පොලිසියේ කාන්තා කාර්යාංශය විසින් චෝදනා තුනක් යටතේ, අදාල කාන්තාවට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට නඩුවක් ගොනුකර තිබුණා.

ඒ අයුතු ලෙස සිරකර තබා ගැනීම, අයුතු ඡායාරූප ලබා ගැනීම සහ එය නිර්මාණය කර වෙනත් අයට පෙන්වීම, ඇයට පහර දී තුවාල සිදු කිරීම යන චෝදනා ත්‍රිත්වයට අදාලවයි.

ඒ අනුව විභාග වූ නඩුවේදී අධිකරණය හමුවේ වරද පිළිගත් අදාළ කාන්තාවට මාස 23ක සිර දඬුවමක් වසර 10කට අත්හිටුවා නියම කර ඇති අතර පළමු සහ දෙවන චෝදනාවලට රුපියල් 20,000ක දඩයක්ද, තෙවන චෝදනාවට රුපියල් 1,500ක දඩ මුදලක්ද මහේස්ත්‍රාත්වරයා නියම කරනු ලැබුවා.

එමෙන්ම, වින්දිත තරුණියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස අදාල කාන්තාවට නියම කරමින් මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කර ඇත්තේ, තවත් අයකුට මෙවැනි දෙයක් සිදු නොවීමට සමාජයට ආදර්ශයක් ලෙසත්, කාන්තාවක් විසින් සිදු නොකළ යුත්තක් සිදුකර ඇති බවත්, නමුත් මුල් අවස්ථාවේම වරද පිළිගත් බැවින් එම අධිකරණයෙන් දිය හැකි උපරිම දඬුවම නියම කරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *