පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සඳහා එක් ගිනිඅවියක් පමණක් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය පවසයි.
එක් පුද්ගලයෙකු සඳහා එක් ගිනිඅවියකට වැඩියෙන් භාවිත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද සඳහන් කරයි.
කෙසේවෙතත් එම විශ්ලේෂණයෙන් අනතුරුව තවත් ගිනිඅවියක් නිකුත් කරන්නේ ද නැද්ද යන්න අවසන් තීරණය ගැනීම ආරක්ෂක අමාත්‍යංශය සතු බව ද පවසයි.
සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි පිළිබද සමීක්ෂණ මේ වන විට ආරක්ෂක අමාත්‍යංශය විසින් සිදු කරනු ලබයි.