පුද්ගලයෝ මත ඡන්ද පදනම වෙනස් වෙලා අපි ජනාධිපතිවරණයෙන් පාඩමක් ඉගෙන ගත්තා..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසනවා..

එක මිටට පාස්පෝට් පෝලිං වැඩිවී ඇති බවත්…
ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කළ යුතු බවත් මෙහිදී කියා සිටියා…

සමගි ජන සන්ධානයජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු මහමැතිවරණයටත් වලංගු බවද…
මරික්කාර් මහතා මාධ්‍ය හමුවේ කියා සිටියා..

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එසේ මරික්කාර් මහතා….
……………………………….

එක මිටට පාස්පෝට් පෝලිම වැඩිවෙලා..
කළමනාකරණය ඉදුරුවල කන් තමයි..

අපි 2015 ආපු ගමන් තෙල් අඩු කරා ගෑස් අඩු කරා,රාජ්‍ය සේවකයන්ට දහදාහක් දුන්නා ගැබිණි මාතාවන්ට සහන දුන්නා..

අපිට ලොකු රැස්වීම් තියන්න ඕන නෑ ගෙයින් ගෙට ගිහිල්ලා ජනතාව දැනුවත් කරනවා..

අපිට අලුතෙන් පොරොන්දු මලු දෙන්න ඕනේ නැහැ. ජනාධිපතිවරණයේදී කියපු කතා තාම වලංගුයි..

අපි කිව්වේ කළ යුතු දේ සහ කල හැකි දේ පමණයි..අපි මහ මැතිවරණයෙන් දිනුවත් ඒ කියපු දේවල් සේරම වලංගුයි..

වර්තමාන ජනාධිපතිවරයා වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ කවදද කියලා කියන්න ඕනේ..

ජනාධිපතිකමට පත්වුනහම සිරිසේනලා ආවේ කෙහෙල් කොළේ බත් ඔතාගෙන..ගෝඨාභයාවෙත් ඒ වගේ තමයි පස්සේ මොකද වුණේ..

තවම හනිමූන් එකේ ඉන්නේ තව ටිකක් යන්න දීලා බලමු..

රවී කරුණානායකගේ පක්ෂයෙන් මේ ඡන්ද ඉල්ලන්නේ එතකොට ජාතික ලැයිස්තුවට එන්නේ එයා තමා..

මැතිවරණ සංස්කෘතිය වෙනස් වෙලා
සමහරු ඉල්ලලා පරදිනවට වැඩිය හොඳයි ඉල්ලන්නේ නැතුව ඉන්න එක..
පුද්ගලයෝ මත ඡන්ද පදනම වෙනස් වෙන්නේ නෑ නෑ. ඒක අපි ජනාධිපතිවරණයෙන් ඉගෙන ගත්තා..

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *